ඉතිහාසය
වයඹ පලාතේ මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව අධ්‍යාපන කොට්ටාසයේ පිහිටි ව/ම/ගල්/උස්ගල ගැමුණු මහ විද්‍යාලය කිරිතිමත් අතීතයකට හා දිප්තිමත් අනාගතයකට හිමිකමි උරුමකම් කියාපානු ලබන දැයේ දරුදැරියන් වෙත අධ්‍යපනය ලබාදෙනු ලබන අධ්‍යාපනික තක්ෂිලාවකි. හෙළ රජ දරුවන්ගේ පහස ලද මහා වනාන්තරයකින් සැදුම් ලත් කුඩා කදුගැට වලින් වට වූ කෙත්වතුවලින් ගහන වූ උස්ගල සියඹලන්ගමුව ඔයෙන් පෝෂණය වන උස්ගල සියඹලන්ගමුව ජලාශය කේන්ද්‍ර කොටගෙන උස්ගල සියඹලන්ගමුව ගොවි ජනපදය පිහිටා ඇත .
වර්ෂ 1960 දසකයේ ශ්‍රි ලංකාව පුරා ගොවි ජනපද ව්‍යාපාර ආරම්භවීමත් සමග ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ජනපදයේද ගොවි ජනපද පිහිටුවීම ආරම්භ වූ අතර එහි පදිංචි වූ ජාන පදිකයින්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලනු වස් වර්ෂ 1963 වර්ෂයේදී ප්‍රාථමික විද්‍යාලයක් ලෙස මෙම විද්‍යාලය ආරම්භ විය.එහි ජීවත්වන ගොවිජනපදිකයින්ගේ දුවා දරැවන්ගේ අනාගත ඉරණම තීරණය කරන ප්‍රධාන සාධකය වන අධ්‍යාපනය නැමැති ජීවකයාටවිසීමට දැනුම,කුශලතා ,ආකල්ප වලන් දැයේ දරුවන්ගේ හදවත් සුවපත් කරනු වස් මෙම තක්ෂිලාව නිර්මාණය විය. එහි මුල්ම විදුහල්පතිවරයා වූයේ එච්.එම්.හේරත්බංඩා මැතිතුමායි. මෙ විද්‍යාලය ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ආරම්භ වූ අතර 1963 වර්ෂයේ මෙම පාසලට ඇතුලත් වූ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 237 කි.එකල ඇදුරු මඩුල්ල ගුරුවර ගුරුවරියන් 07 ගෙන් සමන්විතව සිට ඇත.පළමු ශිෂ්‍යයා ලෙස එච්.ඒ පියදාස මහත්මා ඇතුලත් වූ අතර පළමු ශිෂ්‍යාව ලෙස ඩී.එම්.ශ්‍රියාලතා මහත්මිය ඇතුලත් වුවාය.ඇය මෙම විද්‍යාලයෙන්ම අධ්‍යපනය ප්‍රාථමික අධ්‍යාපනය හා ද්වීතීක අධ්‍යාපනය ලබා සරසවි වරම් ලැබූ උපාධිධාරී ගුරුවරියකි.දැනට විශ්‍රාම සුවයෙන් පසුවේ. ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයත් සමග කනිෂ්ඨ පාසලක් ලෙස සංවර්ධනය විය.ක්‍රමයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සදහා ළමුන් ඉදිරිපත් වු අතර ළමුන් ඉතා උසස් ලෙස සමත් වන්නට විය.එයට හොදම උදාහරණය වන්නේ ඉතා උසස්ලෙස විභාගය සමත් වූ ඩී.එම්.දිසානායක ශිෂ්‍යයාගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව අත් හිටුවීමට කටයුතු කරන ලදී.එයට හේතු වූයේ මෙවන් දුෂ්කර ප්‍රෙද්ශයක පාසලකින් මෙවන් උසස් පතිඵලයක් ලැබීම පිළිබද පරීක්ෂණයක් පැවැත්විමටයි.පරීක්ෂණයෙන් පසුව නැවත එම ප්‍රතිඵලයම නිගුත් කළ අතර පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීයෙකු ලෙස පත්වීම් ලබා ගන්නා ලදී.
එතැන් සිට නොකඩවා අඩණ්ඩව අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල සාධනීය ලෙස අඛණ්ඩව වර්ධනය වූ බැවින් වර්ෂ 1973 වසරේ මුලින් අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සදහා සිසුන් ඇතුලත් කර ගන්නා ලදී. 1978 වසරේ රැයුණු විශ්ව විද්‍යාලයට එච්.ඵ්.තිලකාවතී ශිෂ්‍යාව මානව ශ්‍රාස්ත්‍ර පීඨයට දිවයිනෙන් වැඩිම ලකුණු ලාභිනිය ලෙස තේරී පත්විය.එමෙන්ම විද්‍යාලී අක්කර 16 පමණ විශාල වපසරියකින් යුතු බැවින් 1975 වර්ෂයේදී ජී.ඩී.ප්‍ර්ැන්සිස් විදුහල්පතිතුමාගේ කාලසීමාවේදි පළාතේ හොදම කෘෂි පාසල ලෙස තේරී පත්ව තිබේ.එකළ විද්‍යාල භූමියෙන් ලද ආදායම් එම විදුහල්පතිතුමා සිසුන්ගේ බැංකු ගිණුම් විවාත කොට ඒවාට බැර කර ඇත.
ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය. ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය. පසු කාලීනව අධ්‍යාපන සිවර්ධනයත් සමග විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර,වන ගොඩ නැගිලි විධ්‍යාලීයය ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයආදියද පාසලට එකතු විය.විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.විද්‍යාලියය පරිගණක ඒකකය මගින් භාහිර පරිගණක පාඨමාලා පවත්වනු ලබන අතර ඉන් පාඨමාලා හදාරනු ලැබු පාඨමාලාලාභින් සංඛ්‍යාව අති විශාලය.එමෙන්ම කළාපයේ හොදම පරිගණක විද්‍යාගාරය ලෙසද වර්ෂ කිහිපයක්ම තේරී පත්ව ඇත.එමෙන්ම විද්‍යාලිය බාලිකා ක්‍රිකට් කණ්ඩායම 2022 වර් ෂයේ වයඹ පළාතේ ශරතාවය දිනා ගන්නා ලදී.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 40ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 09 කින් සමන්විතය. 800 යක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ප්‍රසස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙකු බිහි කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය. 1963 වර්ෂයේ මෙ පාසල ආරම්භ කර වසර 60 ක කාලය තුළ විදුහල්පතිවරු 18 දෙනෙකුගේ පරිපාලනය හා මෙහෙයවීම යටතේ රටට දායාද කර ඇති බුද්ධිමතුන්ගේ ප්‍රමාණය අති විශාලය.ප්‍රෙද්ශයේ දීර්ඝකාලීන ඉතිහාසයක් ඇති පාසලක් ලෙස දැයේ සුවහසක් දරු දැරියන්ගේ නෙත් පාදමින් ගුණ නැණින් සපිරි සිසු දරු දැරියන් රටට දායාද කරමින් තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට ගැමුණු විදුහල් මාතාවට අපි සුභාසිංසනය කරන්නෙමු.
චිරං ජයතු
විදු මෑණියනි!
|
පාසලේ ආරම්භ කළ වර්ෂය |
1963 |
|
මුලින්ම සිටි ගුරු භවතුන් සංඛ්‍යාව |
07 |
|
පාසලේ මුලින්ම සිටි ශිෂ්‍ය සංඛ්‍යාව |
3237 |
|
මුල් ගුරුතුමාගේ නම |
එච්.එම්. හේරත්බංඩා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ වර්ගය |
1 සී |
|
පාසලේ නම |
ව/ම/ගල්/උස්ගල ගැමුණු මහ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එච්.එම්. හේරත්බංඩා මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1963 ජනවාරි 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
උස්ගල සියඹලන්ගමුව යුනිට් 01 |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එච්.ඒ.පියදාස |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ඩී.එම්. ශ්‍රියාලතා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1963 ජනවාරි මාසය. |











