නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පී.ආර්.ඒ.සෙනරත් රණසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ව/ම/ගල්/උස්ගල ගැමුණු මහා විද්‍යාලය
දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල වයඔ පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.අධ්‍යාපනය වූ කලී සාමූහික වශයෙන් රටකට මෙන්ම පෞද්ගලික වශයෙන් විවිධ පුද්ගලයින්ගේ ෞරුෂ හා අනාගත ඉරණම තීරණය කරන ප්‍රධාන සාධකයෙකි. පුද්ගලයන් වශයෙන් රටට ජාතියට ඉතාමත් සේවාවක් සිදු කරන සත් පුරුෂයන් මෙන්ම මිනිස් වර්ගයා සඳහා රැස් කොට ගෙන ඇති දැනුම ආකල්ප කුසලතා ආදිය අනාගත පරම්පරාවට ගෙන යනු ලබන අධ්‍යාපනයේ තෝතැන්නක් වන්නේ පාසලයි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශවයන් අද වන විට ලෝකය පුරා විසිරී සිටින අතරම අප පාසලින් ඉගෙන රට දැය පොෂණය කරනු ලබන පිරිස අති මහත්ය.විශ්ව ගම්මාන සංකල්පය ලෝකය හා සමාජය යා කරනු ලබන තොරතුරු තාක්ෂණය ඔවුන් අප හා සමග සබැදියාව තහවුරැ කරමින් අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී අති මහත් කාර්යයක් සිදු කරයි.මෙම වෙබ් අඩවියද එම කාර්යය වඩා ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.එමෙන්ම එම අධ්‍යාපනික තෝතැන්න පෝෂණය කර රැකබලා ගැනීම අප සැමගේම යුතුකම වන්නේය.
පී.ආර්.ඒ.සෙනරත් රණසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන)
ව/ම/ගල්/උස්ගල ගැමුණු මහා විද්‍යාලය.











